රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
Uncategorised
- විස්තර
- ප්‍රවර්ගය: Uncategorised
| නියෝජ්‍ය අධ්යක්ෂ (ආපදා කළමනාකරණ ) | ||
![]() |
නම | චමින්ද අමරවීර මහතා |
| දුරකතන | 066-2230926 | |
| ෆැක්ස් |
066-2117117 | |
| විද්‍යුත් තැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
හැඳින්වීම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ප්‍රධාන ආයතනයයි. සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ආපදා අවදානම අවම කිරීම සඳහා ජාතික සහ ප්‍රාදේශීය (Sub National)මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම මෙම ආයතනය වෙත පැවරී ඇති වගකීමයි.
2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතෙහි විධි විධාන අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ (NCDM) විධායක ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලදි.
අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටුකිරීම, අවම කිරීම, සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම, අවදානම් සහගත තත්ත්වයේ පසුවන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් යනාදිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වේ.
සියලුම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම උදෙසා, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පිහිටුවන ලදි. තවද, උප ජාතික මට්ටමෙන් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා සියළුම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක (DDMCU) පිහිටුවන ලදි.
දැක්ම
සුරක්ෂිත ප්‍රජාවක් සහ තිරසර සංවර්ධනයක් සහිත ශ්‍රී ලංකාවක්
මෙහෙවර
ස්වභාවික, තාක්ෂණික සහ මිනිසා විසින් ඇතිකරන ලද සියලු ආකාරයේ ආපදා අවදානම් තත්ත්වයන්, විධිමත් කළමනාකරණයක් තුළින් මගහරවා ගනිමින්, සියලු ප්‍රජාවන් සහ ජාතින් උදෙසා සුරක්ෂිත සංස්කෘතියක් නිර්මාණය කිරීම.
ආපදා කළමනාකරණ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලික ක්‍රියාකාරකම් වලට :
ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි ආපදා මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සඳහා ජාතික සභාවට සහාය වීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී එය යාවත්කාලීන කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගැනීම සහ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිම මත ජාතික හදිසි ආපදා ක්‍රියාකාරීම සැලැස්ම ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම හා සම්බන්ධීකරණ කටයුතු ඉටුකිරීම.
- අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු හෝ රාජ්‍ය සංස්ථා විසින් සකස් කරන ලද විවිධ ආපදා කළමනාකරණ සැලසුම් ජාතික ආපදා කළමනාකරණ සැලැස්මට අනුකූලව තිබීම සහතික කිරීම.
- 10 වැනි වගන්තිය යටතේ විවිධ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා විසින් සකස් කරන ලද ආපදා කළමනාකරණ සැලසුම් අනුව, ආපදා සඳහා පෙර සූදානම්, අවම කිරීම, වලක්වා ගැනීම, සහන සැලසීම, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරකම් යනාදී ක්ෂේත්‍ර යටතේ සැලසුම් සකස් කිරීම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම එවැනි සැලසුම් සහ වැඩසහටන් ක්‍රියාත්මක කරන්නා වූ ආයතන සමග සම්බන්ධීකරණය ද, එකී ක්‍රියාකාරකම් සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුල්‍ය සහාය ලබාගැනීම, එම ප්‍රතිපාදන අදාළ ප්‍රදේශ වෙත නිදහස් කිරීම, අධීක්ෂණය හා ක්‍රියාකාරකම් ඇගයීම.
- ආපදා කළමනාකරණයට අදාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සුදුසු ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සහ එවැනි ආයතන සහ ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියාකාරී වැඩසටහන් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම.
- ආපදා කළමනාකරණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ දත්ත පදනමක් සැකසීම සහ පවත්වාගෙන යාම.
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු අවශ්‍ය අවස්ථාවන්හිදී වරින් වර ආපදා කළමනාරකණ ජාතික සභාව වෙත වාර්තා ඉදිරිපත් කිරීම.
- මෙම පනත මගින් ප්‍රතික්‍රියා පාදක කරගත් යාන්ත්‍රණයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රියාකාරී අන්දමින් ආපදා අවදානම් කළමනාකරණය කළහැකි සවිස්තරාත්මක රාමුවක්, ආපදා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් සපයනු ලැබේ.
මෙම පනත මගින් ප්‍රතික්‍රියා පාදක කරගත් යාන්ත්‍රණයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රියාකාරී අන්දමින් ආපදා අවදානම් කළමනාකරණය කළහැකි සවිස්තරාත්මක රාමුවක්, ආපදා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් සපයනු ලැබේ.
පනතට අනුව පහත සඳහන් උවදුරු ආපදා කළමනාකරණයට කළයුතු ගණයට අයත් වේ.
- ගංවතුර
- නායයෑම්
- කාර්මික උවදුරු
- සුනාමි(කම්පන තරංග)
- භූමිකම්පා
- ගුවන් අනතුරු
- ගිනි ගැනීම්
- වසංගත රෝග
- පිපිරීම්
- ගුවන් යානා කඩාවැටීම්
- සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්
- රසායනික අනතුරු
- විකිරණ අනතුරු
- තෙල් කාන්දුවීම්
- න්‍යෂ්ටික ව්‍යසන
- නාගරිකව සිදුවන ගිනිගැනීම් සහ ලැව්ගිනි
- වෙරළ ඛාදනය
- ටොනාඩෝ, අකුණු අනතුරු සහ ප්‍රබල අකුණු පිපිරීම්
2005 ජූලි මස සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අතිගරු ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක කිරීමඋදෙසා, ජාතික ආපදා කළමනාකරණ ආයතනය යටතේ ස්ථාපිත කරන ලදි.
2005 දෙසැම්බර් මාසයේදී ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පිහිටුවන ලදි. 2006 පෙබරවාරි මාසයේදී මානව හිමිකම් විෂයයද ඇතුලත්ව එකී විෂය යටතේ ලැයිස්තුගත කරමින්, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය ස්ථාපිත කරන ලදි. 2006 පෙබරවාරි මස ප්‍රකාශයට පත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජාතික ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අයත්විය. 2010 වර්ෂයේදී ජාතික සහන සේවා මධ්‍යස්ථානය ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතට පත්කිරීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ලෙස නම් කරන ලදි.
ගැසට් නිවේදනය අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලද ආපදා කළමනාකරණ කාර්යයන් මෙසේයි :
- ආපදා අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම සහ යථා තත්වයට පත්කිරීම උදෙසා විදේශ ආධාර ලබන ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශ, රජයේ බලධාරීන් සහ නියෝජිත ආයතන, පෞද්ගලික ක්ෂේත්රයේ නියෝජිත ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සියළු නියෝජිත ආයතන මගින් ඒවාගේ වගකීම් නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වීම සහතික කිරීම උදෙසා එකී ආයතන සමග සහසම්බන්ධව කටයුතු කිරීම.
- ස්වභාවික හා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා සම්බන්ධ සහන කටයුතු සම්බන්ධීකරණය හා කළමනාකරණය
- ස්වභාවික විපත් හා මිනිසා විසින් ඇතිකරන ලද ව්‍යසන පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය.
- පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති පවත්වා ගැනීම.
- ආපදා කළමනාකරණය, සහන සැලසීමේ විධිවිධාන සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් සහ සමාජ සුභසාධන ස්වේච්ඡා ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම.
රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ ශුභසාධන ස්වේච්ඡා ආයතන විසින් ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ක්ෂේත්‍ර තුළ දීප ව්‍යාප්ත මට්ටමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මට්ටමින් සහ දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පහත දක්වා ඇති ක්‍රියාකාරකම් ඉටුකිරීමේදී අවශ්‍ය සම්බන්ධීකරණය හා අධීක්ෂණය සඳහා සහය දැක්වීම
- උපද්‍රව සිතියම්කරණය හා අවදානම් ඇගයීම
- තොරතුරු කළමනාකරණය
- ආපදා අවම කිරීම
- පූර්ව අනතුරු හැඟවීම් බෙදාහැරීම
- ආපදා අවස්ථාවලදී ඵලදායී ප්‍රතිචාර දැක්වීමක් සඳහා පෙර සූදානම
- හදිසි මෙහෙයුම් කළමනාකරණය
- ව්‍යසනයකට පසු පශ්චාත් ආපදා කටයුතු කළමනාකරණය
- විස්තර
- ලියන ලද්දේ Manoji
- ප්‍රවර්ගය: Uncategorised
A special Covid – 19 Vaccination Week has been declared from Jan. 11 to 17 to control the Covid – 19 epidemics in the Matale District. This Covid – 19 Vaccination Week has been declared at the Covid – 19 Management Committee meeting of Matale District held on the 7th by using Zoom technology. All those over three months after receiving the second dose of Covid vaccine in the district will be given the third dose of Covid -19 vaccine that introduced as the booster dose during the week of January 11 to 17. Accordingly, The Covid Booster dose will be is given from 8.00 am to 8.00 pm. Centers such as General Hospital - Matale, Base Hospital - Dambulla and Regional Hospitals at Galewela, Madipola, Hettipola, Nalanda and Rattota in Matale District.
Meeting was chaired by Mr. Nalaka Bandara Kottegoda, Chairman of District Coordinating Committee - Matale and Mrs. Thejani Thilakarathne, District Secretary of Matale.
The District Covid -19 Management Committee was requested from the people of Matale to obtain the booster dose from the above mentioned centers those who have not received the Covid third dose (booster dose) yet.
- විස්තර
- ලියන ලද්දේ Super User
- ප්‍රවර්ගය: Uncategorised
- විස්තර
- ලියන ලද්දේ H.A.I.M. Premarathna
- ප්‍රවර්ගය: Uncategorised













