නවතම පුවත්

 

 

වර්තමානයේ  උද්ගතව ඇති කෝවිඩ් 19 වසංගත තත්වය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ  ජන ජීවිතය  අඛන්ඩව  පවත්වාගෙන යාම සදහාත්  වෛරසය පැතිර යාම වලක්වා ගැනීම සදහාත් මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදී ප්‍රධාන මෙහෙයුම්  කමිටුවක් හා අනුකමිටු 13ක් පිහිටුවා තිබේ.

ප්‍රධාන මෙහෙයුම් කමිටුවට මාතලේ දිස්ත්‍රික් ලේකම්   එස්.එම්.ජී.කේ පෙරේරා , අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ඉෂාන් විජේතිලක, ප්‍රධාන ගණකාධිකාරි එස්.කේ. තිලකරත්න, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සජීව විතානගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ඒස විජේසුරිය, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර, සහාකාර අධ්‍යක්ෂ කෞෂිකා ගුණවර්ධන යන මහත්ම මහත්මීන්  ඇතුළත් වෙි. ප්‍රධාන කමිටුවට අමතරව  අනුකමිටු 13ක් ද පිහීටුවා තිබේ.

එම අනුකමිට

1අත්‍යවශ්‍ය සේවා, ජලය වීදූලිය, දුරකථන, සනීපාරක්ෂක කටයුතු කළමනාකරණ කමිටුව

2 දිස්ත්‍රික් ලේකම් කාර්යාල කටයුතු හා සුභ සාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමේ කමිටුව

3 අත්‍යවශ්‍ය තොරතුරු හා වාර්තා ලබාදීමේ කමිටුව

4  අත්‍යවශ්‍ය ආහාර, ‌ෙඖෂධ  ආහාර නොවන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරිමේ කමිටුව

5 කෘෂීකර්ම කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමේ කමීටුව

6 සමෘද්ධි ප්‍රතිලාභි සුභ සාධක හා සහන සැපැයීමේ කමිටුව

7 තොරතුරු සන්නිවේදන කටයුතු  හා තාක්ෂණික සහාය  සැපැයීමේ කමිටුව

8. සමාජ සේවා හා වෙනත් සමාජ සුභ සාධන කටයුතු සම්බන්ධීකරණ කටයුතු කමිටුව

9 රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටුව

10 ළමා සුභ සාධන කටයූතු සම්බන්ධීකරණ කටයුතු  කමිටුව

11 දුක් ගැනවිලි හා  අභියාචනා කමිටුව

12 වාහන අව්‍යශ්‍යතා හා නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධීකරණ කමිටුව

13 ආගමික හා සංස්කෘතික කටයුතු කමිටුව

මෙම කමිටු සමාජික නිලධාරින්ගේ නම තනතුර සම්බන්ධ කරගත හැකි  දුරකථන අංක හා විද්‍යුත්  තැපැල ලිපිනයන් ඇතුළු විස්තර  පහත සදහන් 1 සිට 4  ගොනු විවෘත කරගැනිමෙන් ලබාගත හැකිවේ

01. කමිටු තොරතුරු ( click here)

02. කමිටු තොරතුරු(click here)

03. කමිටු තොරතුරු(click here)

04. කමිටු තොරතුරු(click here)

 

A Special Health Sanitation programme has implemented by the District Secretariat of Matale for make restrict the spreading of  (covid) 19 pandemic  and for the protection of the officers of the institution. Accordingly, necessary facilities for washing hands for the officers of the office and the  clients who are coming to this institution to obtain services from the institution. This special process is being implemented according to the instruction given by Mr.S.M.G.K.Perera, District Secretary of Matale.    

 

 hand wash

District Agriculture Committee Meeting of Matale district will be held on 9th June 2020 at 9.00 a.m at the Auditorium of District Secretariat –Matale with the headship of Mr.S.M.G.K.Perera,District Secretary of Matale.

             hospරෝහල්වල  රෝගි සත්කාරක සේවාවන් සපයන්නන් පුහුණු කිරිමේ   තෙදින වැඩමුළුවක්  මාතලේ  මහ රෝහලේ  පැවැත් විය. වර්තමානයේ  රෝගි සත්කාරක සේවාවන් සදහා  විශාල ඉල්ලුමක් පවතින හෙයින්   ඒ සදහා යොමු වන  පිරිස් සදහා  විධිමත් පුහුණුවක් ලබාදිමේ අරමුණින්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්  මාතලේ මහ රෝහල එක්ව මෙම පුහුණු වැඩ මුළුව පැවැත්විය.  තෙදිනක් පුරා පැවැති මෙම  පුහුණු වැඩමුළුවට   ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වීම විශේෂත්වයකි.  පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය මාතලේ මහ රෝහලේ  කාර්යය මණ්ඩලය විසින්   සපයන ලදී. 

            පුහුණුව ලද කණ්ඩායම විසිර යාමේ  අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.කේ.ජී පෙරේරා, අතිරේක  දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, සහකාර දිස්ත්‍රික් ලේකම්   මාධවි හිදගොඩ  යන මහත්ම මහත්මින් හා  මාතලේ මහ රෝහලේ  නිලධාරිනියන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරිනි  ඇතුළු පිරිසක් සහභාගි විය.