දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අගයන් හා අරමුණු
| දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අගයන් | |
|
විනිවිදභාවය |
සියලුම කටයුතු සැලසුම්ගතව සහභාගීත්ව ක්‍රමවේදය අනුගමනය කරමින් විස්වාසයෙන් කටයුතු කිරීම. |
|
කාර්යක්ෂමතාවය |
සෑම විටම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. |
|
සඵලදායිතාවය |
යම් කාර්යයක් නිවැරදි ලෙස ඉටුකිරීම. |
|
වගකීම |
පැවරුණු නිශ්චිත රාජකාරිය අකුරටම ඉටු කිරීම. |
|
වගවීම |
නියමිත රාජකාරියෙන් ඔබ්බට ගිය නිර්මාණශීලී රාජකාරී පරිසරයක් නිර්මාණය කිරීම. |
|
සමරූපීභාවය |
සියලුම මහජනතාවට සමාන ලෙස සැලකීම. |
| දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණු | |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
දිස්ත්‍රික්කය පිළිබද මුලික හැදින්වීම
දිස්ත්‍රික්කය පිළිබද මුලික හැදින්වීම
ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැළකෙන මාතලේ දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මී.1993.3කින් සමන්විත වේ. මධ්‍යම පළාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රක්කය නැගෙනහිර දේශාංශ 800 28.සිට 800 59, දක්වා හා උතුරු අක්ෂාංශ 70 24,සිට 80 01 දක්වා පැතිර පවතී. උතුරෙන් අනුරාධපුරයද නැගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්කවලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වභාවික සම්පත්වලින් අනුන ප්‍රදේශවලින් එකකි.
මාතලේ යන නම ලැබීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කිහිපයක් පවතී. පණ්ඩුකාභය රජතුමා විසින් සිය මාමණ්ඩියට පැවරෑ ප්‍රදේශය මා තුල ජනපදය පසුව මාතලේ වූ බව ඉන් එක ජනප්‍රවාදයකි. තවද ගජබා රජු දවස සොලී රට ආක්‍රමණය කර 12000 ක් හෙවත් මහ තලයක් ගෙනවිත් පදිංචි කරවූ හෙයින් මහතලය මාතලේ වූ බව කියවේ. උස් කඳු මුදුන් වලින් වටවූ මහ තැනිතලාවක් වන බැවින් මහා තලාව මාතලේ වූ බව ද කියවෙන අතර මෙම මතය අද වුවත් පිළිගත හැකි කරුණකි.
ලොව අති විශිෂ්ට නිර්මාණයක් වූ සීගිරියද සොබා දහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳු වැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත ලක්‍ෂ 04 කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ උතුරු අර්ධය නිරූපණය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටීම හා භූගෝලීය කරුණු මිණුම් දෙපාර්තමේන්තුවේ මැනුම් සිතියමේ (පරිමාණය 1:63360 - දඹුල්ල, නාලන්ද, කුරුණෑගල, පොළොන්නරුව, ඇළහැර හා රන්ගල යන අඟලේ සිතියම් වලින් නිරූපණය කෙරේ.)
කඳුකර පද්ධතියට අයත් කොට්සයිට්ල පියුම් ඛන්ඩිත නයිස්, ග්‍රනයිට්, කැලික්නයිස්, ස්ඵටික හුණුගල්, ඩොලමයිට් හා කොණ්ඩලයිට් වර්ගයට අයත් ගානට්, සිලමනයිට්, ෂිස්ට් හා ග්‍රැපයිට් යන පාෂාණ වලින් මාතලේ දිස්ත්‍රික්කය සමන්විත වේ. දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ ඒකකයන් වශයෙන් ගත් කල මූලික පාෂාණ වර්ගය චානෝකයිට්ය. මෙම මූලික පාෂාණ වර්ග කාලයක් ගතවීමේදී පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන නොයෙක් බලපෑම් මත උඩු නැමිල විභේද හා යටි නැමිවලින් සංකීර්ණ ව්‍යුහ සාදයි. මෙම ලක්‍ෂණ නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව දැකිය හැකිය. ඛාදනයට එතරම් ඹරොත්තු නොදෙන හා පහසුවෙන් ජීර්ණය වන ගානට්, සිලිමනයිට් හා පෙල්ඩිස්පාර් වැනි පාෂාණ පිහිටීමේ ප්‍රතිඵලයක් ලෙස නකල්ස් හා හුන්නස්ගිරි කඳු ආශ්‍රිත ප්‍රදේශවල දරුණු නාය යෑම් ඇති වී තිබේ. මෙම ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1900 ට වැඩි බැවින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාවේ පිහිටි මහවැලි නිම්නය අසළ ප්‍රදේශ භූ වර්ගීකරණයට අනුව විජයන් ශ්‍රේණියට අයත් වේ. මහවැලි ගඟේ පිටාර තැන්නක් වන මෙම කලාපයේ විශේෂයෙන්ම අවසාධිත දියළු පස් තැන්පත්ව පවතී. මේ නිසා වී වගාවට ඉතා හිතකර ප්‍රදේශයක් ලෙස දිස්ත්‍රික්කයේ නැගෙනහිර අර්ධය පෙන්වා දිය හැක.
මාතලේ දිස්ත්‍රික්කයේ භූ විෂමතාවය සැලකීමේදී එය ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැක.
- උතුරු දිග තැන්න
- මාතලේ ද්‍රෝණිය හා නකල්ස් ප්‍රදේශය
- ලග්ගල සමාන්තර හෙල්වැටි
උතුරු දිග තැන්නට සාමාන්‍යයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අයත් වේ. තැන් තැන් වල උස් කඳු හා ශේෂ කඳු වලින් පිරුණු මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් තැනිතලාවක් හා රළු බිමක ලක්ෂණ පෙන්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි ශේෂ කඳු අතර සීගිරිය, දඹුල්ල, බෙලියකන්ද පුරාණයේ පටන්ම ප්‍රසිද්ධියක් උසුලයි. මෙම තැනිතලාව සාමාන්‍යයෙන් අඩි 500-1000 ත් අතර උන්නතාංශයක් පෙන්වයි. මෙම රැලි බිමෙහි නිම්න අතුරින් ගලා යන ගංගා හරස් කර තැනූ වැව් රාශියක් පුරාණයේ තිබුණි. ඒ අතර කන්ඩලම, දේවහුව වැනි විශාල වැව් ප්‍රධාන වේ. මීට අමතරව ඉනාමළුව තල්කොටේ හා සීගිරිය වැනි කුඩා වැව් ද වෙති. මෙම තැන්නේ ගලා යන අතු ගංගා මඟින් රජරට වැව් පෝෂණය වේ. ඒ අතර කලා වැව හා මින්නේරිය වැව ප්‍රධාන වේ.
මාතලේ ප්‍රදේශය ද්‍රෝණියක් ලෙස භූ විද්‍යාත්මතව පෙන්වාදිය හැකිය. එයට ප්‍රධාන හේතුව කඳු වළල්ලකින් මාතලේ නඟරය වට වී තිබීමයි. නකල්ස් , ගූරුළුහෙල- පන්සල් තැන්න, ඹ්විලිකන්ද හා හුන්නස්ගිරි කඳු වැටියෙන් වට වී ඇති මාතලේ නඟරය ආශ්‍රිත ප්‍රදේශ මෙසේ ද්‍රෝණියක පිහිටයි. මාතලේ නගරයේ සිට මෙය පැහැදිලිවම නිරීක්ෂණය කල හැකිය. මෙම ප්‍රදේශයේ භූ ලක්‍ෂණ සංකීර්ණ කරවමින් ගලා බසින ගංගාව සුදු ගඟ වේ. මෙම ගඟ ඉහත කී කඳු වැටිවලින් ගලා එන දිය දහර රාශියකින් පෝෂණය වේ. මාතලේ සිට රත්තොට හරහා නැගෙනහිර දෙසට යන විට රළු භූ විෂමතාවයක් දක්වන නකල්ස් වැටිය හමු වේ. මිටි කරගත් හස්තයක ඇගිලි මුදුන් ආකාරයට පිහිටි නිසා මෙම කඳු වැටියට ඒ නම ලැබී ඇත. මුදුන් පහකින් සමන්විත මෙම වැටියේ සාමාන්‍ය උන්නතාංශය අඩි 400 ක් පමණ වේ.
සොබා සෞන්දර්යය අතින් ද දිවයිනේ කිසිදු ප්‍රදේශයකට නොදෙවෙනි වන මෙම ප්‍රදේශය දැඩි රක්ෂිතයක් ලෙස රජය විසින් නමිකර ඇත. මෙම වැටියේ පිහිටි හුදකලා කඳු අතර ලකේගල හා කළු පහන කන්ද ප්‍රකටය.
නකල්ස් කඳු ප්‍රදේශය
නකල්ස් කඳු වැටියේ වැටියේ නැගෙනහිර බෑවුමේ පිහිටි කැපී පෙනෙන ලක්‍ෂණයකි ලග්ගල සමාන්තර හෙල්වැටි කලාපය, නකල්ස් වැටියේ සිට ලග්ගල ප්‍රදේශයට සමාන්තරව උතුරු දෙසට විහිදෙන හෙල්වැටි 3 කින් මෙම කලාපය සමන්විත වේ. මින් එක් වැටියක් නතල්ස් හි තෙළඹුගල සිට වස්ගමුව දක්වා ද දෙවැනි වැටිය නකල්ස්හි වමාරපුගල සිට රණමුරේ හරහා අඹන්ගඟ දක්වාද විහිදෙන අතර තෙවැනි වැටිය එතරම් පැහැදිලිව දැකිය නොහැකි වුවත් රඹුක්ඔළුව ප්‍රදේශයේ සිට ලග්ගල උඩසිය පත්තුව දෙසට විහිදෙයි. මෙම හෙල් වැටි වලින් ඇරඹෙන දිය දහර දිස්ත්‍රික්කයේ උතුරු සීමාවේදී අඹන්ගඟට සම්බන්ධ වේ.
දිස්ත්‍රික්කයේ වනාන්තර ව්‍යාප්තිය ද සංකීර්ණය. එහි මධ්‍ය නිරිත හා බටහිර ප්‍රදේශ කඳුකර තෙත් කලාපීය වනාන්තර ද උතුරු හා ලග්ගල - විල්ගමුව ප්‍රදේශ පහතරට වියළි කලාපීය වනාන්තර වලින් ද සමන්විත වේ. ප්‍රධාන මෝසම් සුළං වර්ෂා 2 මඟින්ම වර්ෂාව ලැබුවත් වැඩි වර්ෂාපතනයත් ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං මඟිනි. නකල්ස් වැටිය අසල පුළුල් ජෛව විවිධත්වයක් පෙන්නුම් කරන අතර මෙය ලංකාවේ ප්‍රධාන දායාදයක් ලෙස සැලකිය හැකිය. හෝටන් තැන්නට බොහෝ සෙයින් සමාන එහෙත් විශාල නොමැති පතනක් පිටවල ආශ්‍රිතව පිහිටා ඇති අතර කුඩා ලෝකාන්තයද එහි එක් කෙලවරක පිහිටා ඇත.
- ඓතිහාසික පසුබිම හා එහි වැදගත්කම
මාතලේ දිස්ත්‍රක්කයේ ඉතිහාසය සැලකීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයේ යක්ෂ ග්‍රෝත්‍රකයින් විසු ප්‍රදේශයක් බවද සාක්ෂි හමුවී ඇත.දැනට සොයා ගෙන ඇති පුරා වස්තු ව්‍යාප්තිය අනුව දිස්ත්‍රක්කයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල මොවුන් වැඩි වශයෙන් විසිරි සිටි බව පෙනෙයි. මෙම ප්‍රදේශවල පිහිටි හුදකලා ගිරි කුළු ඔවුනගේ වෘත්තිය පැවැත්මට ඉතා හිතකර විය.වසර 3000ක් පමණ වයස ඇති මළ සිරුරක් දඹුල්ල අසළ ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, ඉහත කරුණු සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂියක් ලෙස එය ගත හැක.මෙයට වසර 4000 කට පෙර විසු ලෝ ප්‍රකට රාවණා රජුගේ අගනුවර වර්තමාන ලග්ගල අසළ ලකේගල හෙවත් ලංකාපුරය යැයි කියවේ. රාවණා නම සඳහන් ස්ථාන කිහිපයක් අදත් ලග්ගල ආශ්‍රිතව පවතී.
විජය කුමරු ලංකාද්වීපයට ගොඩබසින ලද අවස්ථාවේ කපු කටිමින් සිටි කුවේනියගේ නිජ බිම ගලේවෙල අසළ බම්බාව යැයි වංශ කථාවල සඳහන් වේ. ඇයගේ පියාද බම්බා නම් වු අතර,ඔහු එම ප්‍රදේශයේ පාලකයා විය.යක්‍ෂ ග්‍රෝත්‍රකයින් විනාශ කිරීමෙන් පසු මෙම ප්‍රදේශ නෂ්ඨාවශේෂ වු බව කියැවේ.
ක්‍රි.පු. වන සියවසේ දී පමණ ශ්‍රී මහා බෝධියත් සමඟ මෙරටට පැමිණි ආර්යයන් විසින් මෙම ප්‍රදේශ වල ජනාවාස බිහිකල බව ඉතිහාස පොත් වල ලියැවී ඇත. මෙසේ ජනාවාස ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතු සාධක වුයේ වී වගාවට ප්‍රමාණවත් ජලය ලබා ගැනීමේ අපහසුවයි. 1 වන ගජබා රජු සොළී දේශය ආක්‍රමණය කර රැගෙන ආ 12000 දෙනා පදිංචි කර වුයේ ද මාතලේ ආශ්‍රිතව බව ජනප්‍රවාදයේ දැක්වේ. මාතලේ කඩඉම් පොත දක්වා ඇති ආකාරයට ආර්යයන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල පදිංචි වු අතර ඉන් ස්ථාන 17ක් වර්තමාන මාතලේ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.ඉන් වැඩි ප්‍රමාණයක් ගලේවෙල හා ප්‍රදේශ ආශ්‍රිත ඒවා වේ.
මාතලේ ඉතිහාසයේ කීර්තීමත් කාල පරිචිඡේදයක් වන්නේ ක්‍රි.පු 89-77 දක්වා වු වළගම්බා රජු සමයයි.මාතලේ අළුවිහාරයේ දී සිදුකළ ත්‍රිපිටිකය ග්‍රාන්ථාරූඩ කිරීමේ කාර්යය සිදු වුයේ මෙම වකවානු වේ දීය. මිළග ස්වර්ණමය යුගය එළඹෙන්නේ ක්‍රි.ව 479-497 දක්වා වු කාලයයි.සිය පියාණන් ඝාතනය කර රාජ්‍ය භාරගත් කාශ්‍යප කුමරා තම අගනුවර ලෙස දඹුල්ල අසළ සිගිරිය තෝරා ගත්තේය.ඔහු විසින් අනුරාධපුර ශ්‍රී විභූතිය සිගිරියට ගෙන එමින් මහාර්ඝ නිර්මාණයක් එහි කරවීය. එතෙක් වන ගත ආරණ්‍ය සේනාසනයක්ව පැවතී සිගිරිය මනරම් ආලකමන්දාවක් කිරීමේ ගෞරවය මෙතුමාට හිමි වේ.වසර 18ක් එහි රාජ්‍ය මෙහෙය වු ඔහුගේ නිර්මාණය අද වුවත් ලොව මවීත කරවයි. ඔහුවිසින් සීගිරිය අවට කරවු ගොඩනැගිලි හා ජල තාක්‍ෂණය නුතන ඉංජිනේරු තාක්‍ෂණයට අභියෝගයකි.එසේම සීගිරි පර්වතයේ කල බිතුසිතුවම් ද විශිෂ්ඨ නිර්මාණයක් බව පැහැදිලිය.
අනුරාධපුර පාලනයේ අවසන් යුගයේ මානවම්ම රජු සමයේ ලැබුණු තවත් දායාදයක් ලෙස නාලන්දා ගෙඩි ගෙය හැඳින්විය හැක. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හින්දු ආභාෂය මුසු වූ නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, දිවයිනේ මධ්‍ය කේන්ද්‍රය මෙම ස්ථානයේ බව පිළිගැනීමක් පවතී. පොළොන්නරුව පළමු පාලකයා වූ විජයභාහු රජතුමා සොළීන්ගෙන් රට ගලවා ගැනීමේ මුල්ම කුමන්ත්‍රණය සිදු කලේ දඹුල්ල අසළ මැණික්දෙන නම් ස්ථානයේදීය. එසේම ඹහුගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානයක් ලෙස ද එය තෝරා ගත්තේය.
1 වන පරාක්‍රමබාහු කුමරා පොළොන්නරුව පාලක ගජබා රජුට එරෙහිව කල සටන් සඳහා ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්තේ නාලන්දාවයි. මීට අමතරව සැලගමල , බෝගම්බර, ලග්ගල,රණමුරේ, අඹණ ආදී ප්‍රදේශද සටන් මධ්‍යස්ථාන ලෙස තෝරා ගත්තේය. පොළොන්නරුව අවසන් පාලකයා වූ නිශ්ශංකමල්ල රජු දඹුලු විහාරය රන් ගල්වා ප්‍රතිසංස්කරණය කල අතර, අනතුරුව එය රංගිරි දඹුලු විහාරය ලෙස හැඳින්වූ බව කියවේ. එසේම ඔහුගේ සිංහාසනය නිර්මාණය කිරීම සඳහා බේලිය කන්දෙන් ගල් පර්වතයක් ගෙන ගිය බව කියවේ.
ගම්පොළ විසූ 3 වන වික්‍රමබාහු රජතුමාට එරෙහිව උතුරේ විසූ ද්‍රවිඩ රජෙකු වන ආර්යය චක්‍රවර්තී විසින් සේනාවක් එවූ බව දැන රයිගමට පළා ගියේය. එම ද්‍රවිඩ සේනාව මාතලේ නඟරය ආසන්නයේ කඳවුරු ලා ගෙන සිටින අවස්ථාවේදී ස්වකීය අභිමතය පරිදි මාතලේ ජනතාව ඔවුන් සමඟ සටන් කළහ. එහිදී ද්‍රවිඩ සේනාවේ විශාල පිරිසක් මිය ගිය අතර සෙසු පිරිස පළා ගියහ. මෙය ලක් ඉතිහාසයේ පාලකයකුගේ මඟ පෙන්වීමකින් තොරව කළ එකම සටන බව කියවේ.
කෝට්ටේ යුගයේ 6වන පරාක්‍රමබාහු රජුගෙන් පසු ලක්දිව එක් සේසත් භාවය බිදි ගියේය.අනතුරුව උඩරට රාජ්‍යයේ කොටසක් වු මාතලේ ප්‍රදේශයට යුව රජෙකු වශයෙන් විජයපාල කුමරා පත්කරන ලදී.මෙකළ කන්ද උඩරට පාලකයා වුයේ ඔහුගේ පියා වු සෙනරත් රජතුමාය.ගොඩපළ තම මාළිගය සාදා එහි සිට පාලනය ගෙන ගිය විජයපාල කුමරා දක්ෂ සටන් කරුවකු විය.පෘතුගීසීන් සමඟ සටන් කර ඔවුන් දරුණු ලෙස පරාජයට පත්කිරීමට මේ කුමරා සමත් විය.ක්‍රි.ව.1635 දී මේ කුමරා මාතලෙන් පළා ගිය අතර, එතැන් සිට මාතලේ කන්ද උඩරටට පාලනයට නතුවිය.1815 දී මාතලේ ප්‍රදේශය ඇතුළුව උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. බ්‍රිතාන්‍යයන්ට මාතලේ වැඩි වැදගත්කමක් ඉසුළුවේ වතු වගාවට හා ත්‍රිකුණාමල - මහනුවර මාර්ගය මාතලේ හරහා වු බැවිනි.සොළී හා ද්‍රවිධ ආක්‍රමණවලදී ද රජරට රජවරු කන්ද උඩරටට පළා යාමට යොදා ගත්තේ මාතලේ හරහා වු මාර්ගයයි. විශේෂයෙන් කන්ද උඩරටටත්, රජරටත්, ත්‍රිකුණාමලයත් සම්බන්ධවුයේ මාතලේ හරහා ය. 1803 හා 1815 කන්ද උඩරට ආක්‍රමණය සඳහා බ්‍රිතාන්‍යයන් මෙම මාර්ගය යොදා ගත්තේය.1803 ආක්‍රමණය සඳහා ඔවුන් මාතලේ අසළ මැක්ඩවාල් කොටුව ඉදිකළ අතර, ආක්‍රමණය අසාර්ථක වීමත් සමඟම එයද විනාශ විය.වර්තමානයේ මාතලේ ප්‍රසිද්ධ සුසාන භුමිය ලෙස යොදා ගැනෙන්නේ මෙම බලකොටුව තිබු ප්‍රදේශය වන අතර.එහි නටඹුන් අදත් දක්නට ඇත.
1848 දී දියත් වු කැරැල්ල මාතලේ ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකී.මෙම කැරැල්ලේ සම්පුර්ණ සැලැසුම් හා ක්‍රියාත්මක වීම සිදුවුයේ මාතලේ දිස්ත්‍රික්කය තුලදීය.වීරපුරන්අප්පු හා ගොංගාලේගොඩ බංඩා විසින් මෙහෙයවු මෙම කැරැල්ල අසාර්ථක වීමත් සමඟම නායකයන් සියළු දෙනාම මාතලේ දී අත්අඩංගුවට ගෙන ජිවිතක්ෂයට පත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ කිර්තිනාමය රැන්දු ඇහැලේපොල නිළමේ,ඇතිපොළ නිළමේ හා වීර මද්දුම බණ්ඩාර ද මෑත යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර හා ජනාධ්පති වු විලියම් ගොපල්ලාව මහතාගේත් නිජ බිම මාතලේ දිස්ත්‍රික්කයයි.එසේම මහනුවර රාජධානියේ රජවරුන්ගේ විශ්වාසවන්ත නිළමේවරු හා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මාතලේ සිය නිජ බිම කරගෙන තිබුණි.
එසේම නිදහස ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු දිසාපතිවරුන් කීපදෙනෙකු යටතේ සිදු වී ඇත.ඒ අනුව දිස්ත්‍රික්කයේ ඇති විවිධ සම්පත් හා සංවර්ධන විභවතාවයන් හඳුනාගනිමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශියක් ඔවුන් විසින් මේ වන විට සිදු කර ඇත. මෙම දිසාපතිවරුන් අතරින් සිරිල් ගමගේ මහතා සහ නීල්ද අල්විස් මහතා යන දිසාපතිවරුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල අයත් අමාත්‍යාංශය වන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන් බවට පත්වීම විශේෂිත අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරයෙක් වන ගාමිණි සෙනෙවිරත්න මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමද එවැනි අවස්ථාවක් වේ.මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම දිසාපතිවරිය ලෙස හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්වීමද විශේෂිත වේ.
උපුටා ගැනීම - මාතලේ දිස්ත්‍රික් කාර්යය සාධන වාර්තාව - 2018
දිස්ත්‍රික්කයේ මූලික තොරතුරු සාරාංශය
| මුළු ඉඩම් ප්‍රමාණය (Km²) | 1993 |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන | 11 |
| ග්‍රාම නිලධාරී වසම් ගණන | 545 |
| ගම්මාන ගණන | 1483 |
| මහ නගර සභා | 02 |
| ප්‍රාදේශීය සභා | 11 |
| පොලිස් ස්ථාන | 10 |
| ගොවිජන සේවා මධ්‍යස්ථාන | 23 |
| ඡන්ද මධ්‍යස්ථාන ගණන | 327 |
| සංචාරක බංගලා | 10 |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරු | |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරු | 05 |
| පළාත් සභා මන්ත්‍රීවරුන් | 00 |
| ප්‍රාදේශීය සභාව | 284 |
| ජනගහන | |
| මුළු ජනගහනය | 514300 |
| පිරිමි | 248310 |
| ගැහැණු | 266290 |
| ජනවාර්ගිකත්වය අනුව ජනගහනය | |
| සිංහල | 80.7% |
| ලංකා දෙමළ | 5% |
| ඉන්දියානු දෙමළ | 4.8% |
| බර්ගර් | 0.3% |
| අධ්යාපනය | |
| කලාප අධ්යාපන | 04 |
| පාසල් සංඛ්‍යාව | 323 |
| සිසුන් සංඛ්‍යාව | 101367 |
| ගුරුවරුන් සංඛ්‍යාව | 6233 |
| ගුරුවරුන්ගේ අනුපාතය | 1:17 |
|
සෞඛ්ය |
|
| දිස්ත්රික් රෝහල | 01 |
| මූලික රෝහල | 01 |
| ප්‍රාදේශීය රෝහල් | 18 |
| ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක | 15 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල | 15 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ | 40 |
| පවුල් සෞඛ්‍ය සේවා අංශ | 172 |
|
මාර්ග |
|
| ඒ ශ්‍රේණියේ මාර්ග | 97.2Km |
| බී ශ්‍රේණියේ මාර්ග | 286.0Km |
| සී, ඩී, ඊ ශ්‍රේණියේ මාර්ග | 4554.94Km |
| පූජනීය ස්ථාන | |
| පන්සල් | 420 |
| කෝවිල් | 99 |
| මුස්ලිම් පල්ලි | 69 |
| කතෝලික පල්ලි | 28 |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය භාරය
| අනු අංකය | අංශය | සේවාවන් |
| 01 | ආයතන හා පාලන අංශය | ප්‍රාදේශීය පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික් පරිපාලන කටයුතු මෙහෙයවීම. (නිලධාරීන්ට අදාල සියළුම ආයතනික කටයුතු, ග්‍රාම නිලධාරී ආයතන කටයුතු, වාහන සම්බන්ධ කටයුතු වැනි දෑ) |
| 02 | ගිණුම් අංශය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් මනා වූ කළමනාකරණයක් පවත්වාගෙන යාම. |
| 03 | ක්‍රමසම්පාදන අංශය | ප්‍රාදේශීය මට්ටමින් සිදු කෙරෙන සියළුම ක්‍රමසම්පාදන කටයුතු සම්බන්ධීකරණය කිරීම හා ඒවායෙහි ප්‍රගති පාලන කටයුතු සිදු කිරීම. |
| 04 | ඉඩම් අංශය | ඉඩම් ගැටළුවලට අදාල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම. |
| 05 | සංවර්ධන අංශය | දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරීම හා ඒවායෙහි ප්‍රගති පාලන කටයුතු සිදු කිරීම. |
| 06 | පුපුරණ ද්‍රව්‍ය පාලන අංශය | ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම, පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු. |
| 07 | කෘෂි අංශය | දිස්ත්‍රික් කෘෂිකර්ම කටයුතු හා පාරිසරික කටයුතු සම්බන්ධීකරණය කිරීම හා ඒ ආශ්‍රිත ගැටළු විසඳීමට කටයුතු කිරීම. |
| 08 | පුහුණු අංශය | දිස්ත්‍රික් පරිපාලන කටයුතුවලට සම්බන්ධ සියළුම නිලධාරීන්ගේ මානව සම්පත් සංවර්ධන කටයුතු සිදු කිරීම. (පුහුණුව ලබාදීම, කුසලතා වර්ධනය) |
| 09 | විගණන අංශය | මූල්‍ය වංචා වැළැක්වීමට අභ්‍යන්තර පාලනය ක්‍රමවේද සකස් කිරීම |
| 10 | ඉංජිනේරු අංශය | දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ප්‍රාග්ධන ආයෝජනයන්ට අදාල සියළුම ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම. |
| 11 | සමෘද්ධි අංශය | ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 12 | ආපදා කළමණාකරන අංශය | ආපදා කළමනාකරණ පෙර සූදානම් සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම |
| 13 | බෞද්ධ කටයුතු අංශය | දිස්ත්‍රික්කයේ අධ්‍යාත්මික සංවර්ධනය හා ජාතීන් අතර සුහදත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීම. |
| 14 | මාධය අංශය | දිස්ත්‍රික් තොරතුරු සම්පාදනය. |
| 15 | මිනිස්බල හා රැකී රක්ෂා අංශය | වෘත්තීය නිපුණතා වැඩසටහන් ක්‍රිියාත්මක කිරීම |
| 16 | සමාජ සේවා අංශය | ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත, කාන්තා හා ළමා, රෝගාධාර, මුල් ළමා විය සංවර්ධන, පරිවාස හා ළමා කටයුතු ඉටු කිරීම |
| 17 | ඵලදායිතා අංශය | කොට්ඨාශයේ ඵලදායිතා මිනුම් හා ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම |
| 18 | උපදේශන අංශය හා විමර්ෂන අංශය | මිනිසුන්ගේ ගැටළු උපදේශනයන් හරහා විමර්ශනය කිරීම |
දිස්ත්‍රික්කයෙන් ස්වභාවික සම්පත් සහ ඉඩම් පරිහරනය
දිස්ත්‍රික්කයේ ස්වභාවික සම්පත්
When considering the mineral resources of the region Kaluganga and Haththota Amuna of Laggala division for gems, Wariyapola and Kaikawela for Maika repositories and Pheldzpar mineral repository at Owala, which use for porcelain industry, are bearing an important position in the district. Thus, the industries of Limestones and gneiss also exist as large-scale industries in this area.
|
ඉඩම්වල ස්වභාවය |
ප්‍රමාණය (හෙක්) |
ප්‍රතිශත |
||
|
වනාන්තර |
75,218 |
37.7 |
||
|
උද්යාන |
37,631 |
18.9 |
||
|
වගා කරන ලද කුඹුරු |
21,995 |
11.0 |
||
|
Multi Sectoral Crops |
1 9,459 |
9.8 |
||
|
Main Crops (Tea, Rubber, Coconut) |
17,250 |
8.7 |
||
|
Other Crops (Sectoral Crops) |
6,716 |
3.4 |
||
|
Major Reseviours |
7,050 |
3.5 |
||
|
Barren Lands & Dilapidated Lands |
3,600 |
1.8 |
||
|
මාර්ග / ගොඩනැගිලි / පිට්ටනි |
2,395 |
1.2 |
||
|
Thick scrubs & chena |
1,320 |
0.7 |
||
| වෙනත් | 6,666 | 3.3 | ||
|
එකතුව |
199,300 |
100 |
||
දිස්ත්‍රික්කයේ වාර්ෂික වර්ෂාපතනය සහ උෂ්ණත්වය
වාර්ෂික වර්ෂාපතනය
| අනු අංකය | මාසය |
සාමාන්‍ය වර්ෂාපතනය (මි.මී.) |
ආර්ද්‍රතාවය % (දිනකට) |
| 01 | ජනවාරි | 7.6 | 73 |
| 02 | පෙබරවාරි | 33.5 | 73 |
| 03 | මාර්තු | 4.2 | 68 |
| 04 | අප්‍රේල් | 189.3 | 69 |
| 05 | මැයි | 44.8 | 67 |
| 06 | ජූනි | 44.5 | 68 |
| 07 | ජුලි | 98.0 | 69 |
| 08 | අගෝස්තු | 93.6 | 76 |
| 09 | සැප්තැම්බර් | 101.4 | 78 |
| 10 | ඔක්තෝම්බර් | 339.2 | 82 |
| 11 | නොවැම්බර් | 53.6 | 78 |
| 12 | දෙසැම්බර් | 349.3 | 81 |
වාර්ෂික උෂ්ණත්වය
|
අනු අංකය |
මාස |
සාමාන්ය උෂ්ණත්වය |
උපරිම උෂ්ණත්වය |
|
01 |
ජනවාරි |
30.4 |
14.9 |
|
02 |
පෙබරවාරි |
31.8 |
16.7 |
|
03 |
මාර්තු |
34.8 |
15.0 |
|
04 |
අප්‍රේල් |
34.1 |
17.6 |
|
05 |
මැයි |
32.8 |
18.7 |
|
06 |
ජූනි |
31.5 |
19.3 |
|
07 |
ජුලි |
31.2 |
19.0 |
|
08 |
අගෝස්තු |
30.0 |
19.3 |
|
09 |
සැප්තැම්බර් |
30.1 |
18.9 |
|
10 |
ඔක්තෝම්බර් |
30.3 |
18.4 |
|
11 |
නොවැම්බර් |
31.0 |
17.9 |
|
12 |
දෙසැම්බර් |
30.0 |
17.7 |
Lively Hood Patterns of the People in the District
Initial Lively- hood Patterns of the peoples in the District
Various climatic features are consisting in matale district and it belongs to both dry and wet zones. Vivid agricultural crop cultivations are being cultivated on the base of this climatic pattern. Accordingly, majority of the district are engaging with agricultural industry as their main living. Paddy cultivation is considering as major cultivation among all and in addition, cultivations such as big onions, additional crops and vegetables are acquiring an important place. Paddy cultivation is doing in Wilgamuwa division in large scale and big onion cultivation and vegetable cultivation are carrying out in Dambulla. In addition, a considerable quantity of peoples is serving in both public and private sector.
In addition to this, minor crops cultivation also existing in large-scale level in the district and a part of folks who earning their living hood through it. They are living in the divisions such as Matale, Yatawatta, Ukuwela, Ambanganga Korale,Rattota, Laggala, Naula and Pallepola. Papper,Coffee,Cocoa and Clove get an important place among the minor crops cultivation.
Thus, parts of folks who earn their livelihood through industrial fields are also living in this district. Laksha industry, Jute industry, Sweets Productions industry, Clay industry, Bricks industry, Gems industry and Bakery industry have an initial place among these industries. In addition, it can see that a considerable number of peoples are engaging in the service sections of this district.
Information regarding Industries
කර්මාන්ත සම්බන්ධ තොරතුරු
|
අනු අංකය |
වර්ගය |
සංඛ්‍යාව |
ප්‍රතිශත |
|
01 |
Mines Excavation |
80 |
6.1 |
|
02 |
Foods, Beverages & Tobacco |
433 |
33.2 |
|
03 |
Textiles, Cloths & Accessories and Leather Productions |
259 |
19.8 |
|
04 |
Timber, Timber Items, Furniture |
190 |
14.5 |
|
05 |
Paper Production, Printing Activities |
19 |
1.5 |
|
06 |
Chemicals, Petroleum, Rubber & Plastic |
47 |
3.6 |
|
07 |
Non-Metal Mineral productions |
63 |
4.8 |
|
08 |
Basic Metal Industry, Metal Equipments, Machineries & Tools Industry, |
54 |
4.1 |
|
09 |
Other productions Industries |
128 |
9.8 |
|
10 |
Water based Activities & Water Supplies |
33 |
2.5 |
|
Total |
1,306 |
100.0 |
|
දිසාපතිවරුන්ගේ නම් ලැයිස්තුව
| අනු අංකය | නම | සිට | දක්වා |
| 1 | ඒ එල් පෙරේරා මහතා | 1951 | 1956 |
| 2 | ඒ රත්නම් මහතා | 1957 | 1957 |
| 3 | වී.පී.ඒ පෙරේරා මහතා | 1957 | 1959 |
| 4 | යූ ඒ ගුණරත්න මහතා | 1960 | 1962 |
| 5 | කේ බී දිසානායක මහතා | 1962 | 1963 |
| 6 | වී.සී.බී උනන්තැන්න මහතා | 1963 | 1965 |
| 7 | එච් ආර් අමිටි මහතා | 1966 | 1966 |
| 8 | එස්.එල්.බී අමුණුගම මහතා | 1966 | 1967 |
| 9 | එල් බී උදලාගම මහතා | 1968 | 1969 |
| 10 | එච්.ඒ.ජී අබේවර්ධන මහතා | 1969 | 1971 |
| 11 | සිරිල් ගමගේ මහතා | 1971 | 1976 |
| 12 | එන් ඒ නවරත්න මහතා | 1976 | 1978 |
| 13 | එස්.එම් තෙන්නකෝන් මහතා | 1978 | 1986 |
| 14 | ගුණතිලක මුදන්නායක මහතා | 1986 | 1989 |
| 15 | ජී ඩයස් අමරසිංහ මහතා | 1996 | 1999 |
| 16 | ටී බී අතාවුද මහතා | 1999 | 1999 |
| 17 | රම්‍යා සිරිවංශ මහතා | 1999 | 2003 |
| 18 | කේ උඩගේ මහතා | 2003 | 2006 |
| 19 | එච්.එම් ගාමිණී සෙනෙවිරත්න මහතා | 2006 | 2010 |
| 20 | කේ.එච්.ඊ.මීගස්මුල්ල මිය | 2010 | 2015 |
| 21 | නීල් ද අල්විස් මහතා | 2015 | 2016 |
| 22 | ඩී.පී.ජී කුමාරසිරි මහතා | 2016 | 2018 |
| 23 | එස්.එම්.ජී.කේ පෙරේරා මහතා | 2018 | 2021 |
| 24 | තේජානි තිලකරත්න මිය | 2021 | 2025 |
| 25 | ප්‍රසන්න මදනායක මහතා | 2025 | මේ දක්වා |
සහකාර දිසාපතිවරුන්ගේ නම් ලැයිස්තුව
| අනු අංකය | නම | සිට | දක්වා |
| 01 | මේජර් එස්. හෙක්ස්ට් | 1819 | |
| 02 | කපිතාන් එෆ්.අර්වින් | 1820 | |
| 03 | ලුතිනන් කර්නල් ජේ.එම්. ස්ටැක්ස්පෝල් | 1821 | |
| 04 | ලුතිනන් රුක්නාල් හූ ස්ටැක්පෝල් | 1822 | 1825 |
| 05 | කපිතාන්. බී.ට්‍රයිඩල් | 1826 | 1829 |
| 06 | කපිතාන් ජේ.ෆෝබ්ස් | 1829 | 1837 |
| 07 | ආර්. වල්ස් | 1838 | |
| 08 | 1839 | 1848 | |
| 09 | එච්. ටෙම්පලර් | 1848 | 1851 |
| 10 | එෆ් ලෙයාඩ් | 1852 | 1860 |
| 11 | ඒ.ඕ බ්රෝඩ් | 1861 | 1864 |
| 12 | ඩබ්ලිව්.ඊ.ටී.ශාර්ප් | 1865 | |
| 13 | ඩබ්ලිව්.ඩබ්ලිව්. හියුම් | 1866 | |
| 14 | ආර්.සී. පෝල් | 1867 | |
| 15 | ඩබ්ලිව්.ඊ.ටී.ශාර්ප් | 1868 | |
| 16 | ජී.එස්.විලියම්ස් | 1869 | 1870 |
| 17 | ආර්.මයි | 1871 | 1873 |
| 18 | ජී.එස්.විලියම්ස් | 1874 | 1877 |
| 19 | එච්.එල්.මොයිසි | 1878 | 1886 |
| 20 | එස්.එම්. බැරෝස් | 1887 | 1889 |
| 21 | ජී.එස්.සැක්ස්ටන් | 1890 | 1898 |
| 22 | එච්.එස්. පොක්ස් | 1899 | |
| 23 | ඊ.බී. ඇලෙක්සැන්ඩර් | 1900 | 1902 |
| 24 | සී.ආර්. කුම්බ්ලන්ඩ් | 1903 | |
| 25 | ආර්.බී.හෙලින්ග්ස් | 1904 | 1905 |
| 26 | ආර්.ඒ.ජී. ෆෙසීන් | 1906 | |
| 27 | එෆ් බවුස් | 1907 | |
| 28 | ආර්.ඒ.ජී. ෆෙස්ටයින් | 1908 | |
| 29 | එෆ්.ජී.ට්‍රයල් | 1909 | 1911 |
| 30 | ඩබ්ලිව්.ටී. සදර්න් | 1912 | 1913 |
| 31 | ඩබ්ලිව්.ජේ.එල්. රොජර්සන් | 1914 | |
| 32 | ඒ.ඩබ්ලිව්. සෙමූර් | 1915 | |
| 33 | එච්.ඩබ්ලිව්. ක්වොඩ්රින්ටන් | 1916 | |
| 34 | ඊ.ටී. මිලින්ටන් | 1917 | 1919 |
| 35 | සී හැරිසන් ජෝන්ස් | 1920 | 1923 |
| 36 | ටී.ඒ.ගෝඩ්සන් | 1924 | |
| 37 | ඩබ්ලිව්.ඊ.හොබ්ඩේ |
1925 | |
| 38 | ඩබ්ලිව්.ජේ.එල්. රොජර්සන් | 1926 | 1928 |
| 39 | සී.ඊ.ජොන්ස් | 1929 | 1931 |
| 40 | ඩබ්ලිව්.ඕ. ස්ටීවන්ස් | 1932 | 1933 |
| 41 | ආර්.වයි. ඩැනියෙල් | 1934 | 1936 |
| 42 | කාල් ඊ ආර්න්ඩ්ට් | 1937 | |
| 43 | ආර්.එච්.ඩී. මැන්ඩර්ස් | 1938 | 1944 |
| 44 | ඩබ්ලිව් හෝම්ස් | 1945 | |
| 45 | සී සිත්තම්පලම් | 1946 | |
| 46 | වී.එල්. වීරසිංහ | 1947 | 1948 |
| 47 | ආර්.ඩී පවුලස් | 1949 | |
| 48 | ඒ.ආර්. රත්නවේල් | 1950 | 1952 |
| 49 | ඒ.එල් පෙරේරා | 1953 |







