45467636 10210348586710517 8309655828105789440 oහදිසි ආපදාවකදී  කෙසේ ක්‍රියාකළ යුතුද යන කාරණය පිළිබදව  මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින්  මාතලේ දිස්ත්‍රික්කයේ  ආපදා පෙරහුරු වැඩසටහනක්  පසුගිය  දා පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික්කයේ හදිසි ආපදා ඇතිවිය හැකි   ස්ථාන 40ක්  කේන්ද්‍රකරගනිමින්  එකම දිනයකදී  එකම වේලාවකදී   ග්‍රාම නිලධාරි වසම් 40ක   මෙම ආපදා පෙර පුහුණු වැඩසටහන  ක්‍රියාත්ම විය. මාතලේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  මෙහෙයුම් මධ්‍යස්ථානය වු අතර නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින්  පුළුල් තිරයක් මත සියළු  කොට්ඨාසවල  ජනයා ආපදාවන්ට මුහුණ දෙන ආකාරය  නිරික්ෂණය කිරිමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක විය.   දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා  ප්‍රධානත්වයෙන්   මුළු මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි  මෙම පෙර හුරු වැඩසටහන පැවැත්වීමද විශේෂත්වයකි. මෙම ආපදා  පෙර පුහුණු වැඩසටහනට  මාතලේ දිස්ත්‍රික්කයේ යුධ හමුදා භට කණ්ඩායම්, රතුකුරුස සංවිධානයේ  සමාජිකයන්,  පොලිස් නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් , ග්‍රාම නිලධාරින්,  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්,  ප්‍රාෙද්ශීය ලේකම් වරු ඇතුළු  කාර්ය මණ්ඩල හා ගම්වැසියන්  5000කට අධික පිරිසක් මෙම පෙරහුරු වැඩසටහන සදහා  විවිධ ස්ථානවලදී  තම දායකත්වය සපයන ලදී.

            ආපදාවක් ඇති වු විට ක්‍රියාකාරන ආකාරය පෙරහුරුවට ඇතුලත්විය.   ආපදාවන්ට ලක්වුවන් බේරාගැනීම, ආරක්ෂිත ස්ථාන කරා  රැගෙන යාම, එම ස්ථානවල ලියාපදිංචිය,  ආහාර පාන සකස් කිරිම ඇතුළු සියළු කටයුතු  මෙම ස්ථාන 40 දීම සිදුවීම විශේෂත්වයකි.  මාතලේ දිසාපතිවරයාගේ උපදෙස් පරිදි  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ  චමින්ද අමරවීර මහතා  ඇතුළු කාර්යය මණ්ඩලය විසින්  මෙම ආපදා පෙර පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලදී.   ( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)